පොලීසියට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදිය හැකි බව සඳහන් කරමින් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් රවටා මුදල් වංචා කළ කොටුව පොලීසියේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙක් සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටි මෙම සැරයන්වරයා රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බිත්තර තොගයක් අඩු මිලට ලබාදිය හැකි බව සඳහන් කරමින් රුපියල් 80,000ක මුදලක් වංචාකර ඇති බව පොලීසිය කියයි. මෙම සැරයක්වරයා කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව මුදල් අමාත්‍යාංශ මුරපොලේ සේවයේ නිරතව සිටින අතර තුර මෙම වංචාව සිදුකර ඇත.