තවත්
    මුල් පිටුවදේශීය පුවත්රෝහලට කඩාවැදුණු කොල්ලකරු වෛද්‍යවරියගේ ග ෙල බැදි රන් මාලය කොල්ලකාලා

    රෝහලට කඩාවැදුණු කොල්ලකරු වෛද්‍යවරියගේ ග ෙල බැදි රන් මාලය කොල්ලකාලා

    වෑකඩ රෝහලට කඩාවැදුණු කොල්ලකරුවෙක් එහි ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරියට ගිනි අවියක් පෙන්වා ඇගේ ගෙල බැසදි රන් මාලය කොල්ලකා ඇත.

    මීරිගම වල්පිට පදිංචිකාරියක් වන මෙම වෛද්‍යවරිය ප්‍රාථමින ප්‍රතිකාර ඒකකයේ සේවයේ නිරතව සිටියදී මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ පෙරවරුවේදීය.

    වෛද්‍යවරිය මේ ගැන බඩල්ගම පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ රාජකාරි කාමරයට ඇතුළු වූ පුද්ගලයකු ඉනෙහි සගවා සිටි ගිනි අවියක් වැනි යමක් පෙන්වා තමාව බිය ගන්වමින් රන් මාලයහා අත්පළදනාව කොල්ලකෑ බවය. එම රන් මාලය හා අත්පලදනාව පවුම් දෙකක් බරැති බවත්එහි වටිනාකම රුපියල් 380,000ක් පමණ වන බවත් වෛද්‍යවරිය පොලීසියට සඳහන්කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img