පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් අලව්ව පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත්තේය.
පොලිස් සැරයන් ඒ.එල්.කුමාර සහ හතලිස් කොස්තාපල් ආර්.ඩී.එස්.බී. රාජපක්ෂ යන නිලධාරීන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියමකරමින් මුදා හැර ඇත.
මෙම සිදුවීම වි ඇත්තේ 2010 වසරේ ජූලි 25 වෙනිදාය. එවකට අලව්ව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ සේවයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටි සමන් කුමාර දිසානායක නැමැති නිලධාරියා සමඟ එක්ව
කටුපොත වජිරවත්තේ පදිංචිව සිටි ගනේරාලලාගේ ශාන්ත සමරවීර නැමැති පුද්ගලයාව නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන අයුතු ලෙස සිරකර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.