ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ආරක්ෂිත උපක්‍රම භාවිතා කොට, අනුකරණය කළ නොහැකි වන පරිදි, සහ සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි නව මුද්‍රාවක් ජූනි මස පලමු වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ හඳුන්වා දුන් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
වසර 75 කට පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මගපෙන්වීම යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මෙම නවීකරණයන් සිදුකර
1948 සිට මෙතෙක් භාවිතා කළ පැරණි මුද්‍රාව බොහෝ වංචනික පුද්ගලයන් අනුකරණය කරමින් ව්‍යාජ මුද්‍රා සකස් කර භාවිතා කර තිබූ අවස්ථා පිළිබඳව තමන් වෙත කරුණු වාර්තා වී තිබූ බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.
ආගමන විගමන නිලධාරීන්ගේ සංකල්ප මත නිර්මාණය කර ඇති මේ නව මුද්‍රාව වසර ගණනාවක සිට ප්‍රමාද වෙමින් පැවති අතර අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නායකත්වය තුළ මුද්‍රාව කඩිනමින් එළිදැක්වීමට හැකි වූ බව ඔහු කීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ මස පළමුවැනිදා නව මුද්‍රාව භාවිතයට ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවලද මේ නව මුද්‍රාව භාවිතයට ගෙන තිබේ.මෙහිදී ආගමන මුද්‍රාව නිල් පැහැයෙන් සහ විගමන මුද්‍රාව කොළපැහැයෙන් භාවිතා කිරීම සිදුවෙයි.
මේ අතර, පුද්ගල අනන්‍යතාව හඳුනාගත නොහැකි අපැහැදිලි ජාතික හැඳුනුම්පත් සඳහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දශක කිහිපයකට පෙර නිකුත් කර ඇති වර්තමානයේ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්කරුගේ අයැදුම්පත්‍රය, මාස හයකට වලංගු කාලයක පවතින වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු අතර බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතකදී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයැදුම්කරු නියම අයැදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පවතින බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවැසීය.
මේ අනුව එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප,අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු ය. ඒ අනුව පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරන ලෙසත් පාලක ජනරාල්වරයා කියා සිටියේය.
එසේම පවතින ක්‍රමවේදයට අනුව ගුවන් ගමන් බලපත්‍රයක් වසර දහයකට වලංගු කෙරෙන අතර ඉදිරියේදී ආගමන විගමන පද්ධතිය නවිකරණය කිරීම තුළින් කල් පැන යන ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී අයදුම්පත පමණක් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කරන බවද සඳහන් කළ ආගමන විගමන පාලක ජනරාල්වරයා පවතින ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ගේ ජාතික හැඳුනුම්පත්, ඡායාරූපය, උප්පැන්න සහතිකය ආදිය ස්කෑන් කර ආගමන විගමන පද්ධතියේ යාවත් කාලීන කෙරෙන බවද කියා සිටියේය.