fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේව මෙහෙයට යමින් සිටි කතකට පොලිස් සාජන් කරපු දේ..

    දේව මෙහෙයට යමින් සිටි කතකට පොලිස් සාජන් කරපු දේ..

    දේව මෙහෙය සඳහා සහභාගිවීමට දේවස්ථානයට පාගමනින් ගමන් කරමින් සිටි කාත්නාවකගේ ගෙල බැදි රන් මාලය කොල්ලකෑ වාද්දූව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකුගේ වැඩතහනම් කිරීමට පානදුර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ පියවර ගෙන ඇත.

    වාද්දූව පල්ලිය පාරේ පදිංචි 65 වියැති කාන්තාවක් පසුගිය 02 වෙනිදා ඉරිදා දේව මෙහෙයට සහභාගිවීමට වාද්දූළු ශුද්ධාත්ම කතෝලික දේවස්ථානය වෙත නිවසේ සිට පාගමනින් ගමන්කරමින් සිට ඇති බව වාද්දූව පොලීසිය සඳහන් කරයි.

    ඇය දේවස්ථානය අසලට කිට්ටුවනවාත් සමඟ පිටුපසින් පැමිණි පුද්ගලයෙක් ඇගේ ගෙල බැදි පවුම් දෙකකට වැඩි බරක් ඇති රන් මාලය එකවරම කඩාගෙන තිබේ.

    එම අවස්ථාවේදී එම කාන්තාව පිටුපසට හැරී තමන්ගේ ගෙල බැදි රන් මාලය කඩාගත් පුද්ගලයාගේ ඇගට පැන ඔහුව බදාගෙන පොරබදා ඇති බව පොලීසිය කියයි.

    ඒ නිසා කොල්ලකරුට පැන යන්නට අවස්ථාවක් ලැබී නැත. දේවස්ථානයේ දේව මෙහෙයට ගමන්කරමින් සිටි පිරිස කොල්ලකරුව අල්ලා පහරදී ගස් බැද පොලීසියට භාරදීමට පියවර ගෙන ඇත.

    එහිදී අනාවරණය වී ඇත්තේ එම කොල්ලකරු වාද්දූව පොලිස් ස්ථානයේම සේවයේ නිරත සැරයන්වරයෙක් බවය.

    පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත. පොර බැදීම හේතුවෙන් කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.