තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"මගේ බෙදිල්ල වැරදියි කියන අය ලෝකෙ වටේ හිඟමනේ ගිහින් පක්ෂෙට සල්ලි හොයනවා"

    “මගේ බෙදිල්ල වැරදියි කියන අය ලෝකෙ වටේ හිඟමනේ ගිහින් පක්ෂෙට සල්ලි හොයනවා”

    සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැරදි බවත් දේශපාලනඥයන්ගේ වගකීම බෙදිල්ල නොවන බවත් පවසන කුහක පුද්ගලයන් පාසල්වල අගහිඟතා ගැන නොදන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ලෝකය වටේ සැරිසරා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තම පක්ෂයේ අරමුදල වෙනුවෙන් සොයන කාඩ්බෝඩ් සමාජවාදීන් එම මුදලින් සුළු කොටසක් හෝ රටේ අධ්‍යාපනය දියුණු කරවන්න යොදවන්නේ නැති බව හෙතෙම සඳහන් කළේය.

    මේ බංකොලොත් රටේ මහලොකු විකල්ප නායකයෝ ලෝකෙ වටේ ඇවිද ඇවිද මුදල් එකතු කර ඔවුන්ගේ සහ පක්ෂයේ ප්‍රතිරූප ගොඩනැගීමට යොදා ගන්නා බවත් ඔවුන්ට ජනතා දුක නැති කිරීමට හෝ රට දියුණු කිරීමට වුවමනාවක් නොමැති බවත් ඔහු කියාසිටී.

    එම නිසා මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුත්තේ රටට අවශ්‍ය සෝබනකාරී දේශපාලන සංදර්ශන නොවන ප්‍රායෝගික සංවර්ධන වැඩසටහන් බවත් සමගි ජන බලවේගය බලයක් නොමැතිව ඒ යුතුකම ජනතාව වෙනුවෙන් මේ වන විටත් ඉටු කරමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (31) හම්බන්තොට මුල්කිරිගල කටුවන කුඩාගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 213 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img