තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වාධීන පලස්තීන රාජ්‍යයක් හදන්න චීනයේ සහය

    ස්වාධීන පලස්තීන රාජ්‍යයක් හදන්න චීනයේ සහය

     
     
     
    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට එක් ව එහි ප්‍රධාන දේශනය පවත්වයි. එම උත්සවය බෙයිජිං අගනුවර දී ඊයේ (30 ) පෙරවරුවේ පැවැත්විණ.
     
    අරාබි රටවල් සමග එක්ව චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම පිළිබඳ ආදර්ශ සබඳතාවක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හා මූලධර්මයන්ටත්, විවිධ රටවල ජනතාවගේ තෝරාගැනීම් හා ඓතිහාසික සත්‍යයන්ටත් ගරු කරමින්, උග්‍ර වී ඇති ප්‍රශ්නවලට තිරසර විසඳුම් සොයා ගැනීම සඳහා අරාබි රටවල් සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
     
    එසේම චීන – අරාබි ද්විපාර්ශ්වික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා අරාබි රාජ්‍යයන් සමග එක්ව ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානමින් සිටී.  එනම්, ප්‍රාණවත්භාවයෙන් සපිරි නවෝත්පාදන බිහිකිරීම, විශාල පරිමාණයේ ආයෝජන හා මූල්‍ය සේවා,  විවිධත්වයෙන්‍ යුතු බලශක්ති සහයෝගිතාව, සමබර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී ආර්ථික සහ වෙළඳ පටිපාටි මෙන්ම පුළුල් මානව හා සංස්කෘතික හුවමාරු මේ පංචවිධ ක්‍රමවේදයට ඇතුළත් වේ.
     
    සීමාවකින් තොර යුද්ධයටත්, යුක්තිය අහෝසි වී යාමටත් තවදුරටත් ඉඩ නොතැබිය යුතු බව සඳහන් කළ ෂී ජින්පිං මහතා ‘ද්විරාජ්‍ය විසඳුම’ නොසැලී ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය. 1967 දේශසීමාව මත පදනම් ව නැගෙනහිර ජෙරුසලම අගනුවර කර ගනිමින් පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වේ. එසේම, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමටත්, වඩාත් ඵලදායී ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමටත් සහාය දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img