fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත ගැන ගත් තීරණය

    පොලී අනුපාත ගැන ගත් තීරණය

    මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.50% ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.50% ලෙසත් දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(27) පැවති රැස්වීමේ දී මේ බව තීරණය කර ඇත.

    ආර්ථිකයට ඉලක්ක කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත 5%ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහබැංකුව පැවසීය.

    මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්ම වර්තමානයේ පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික මට්ටම හා අනුකූලව පවතී.

    උද්ධමන අපේක්ෂා ද මනාව පාලනය වී පවතින තත්ත්වයක් තුළ, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අනෙකුත් පදනම් පොලී අනුපාතිකවලට අනුකූලව, දේශීය මුදල් තත්ත්ව ලිහිල් වීම සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අවධානය යොමු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.