fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතු ආපහු ගන්නත් බෑ -පඩි වැඩි කරන්නත් බෑ

    වතු ආපහු ගන්නත් බෑ -පඩි වැඩි කරන්නත් බෑ

    වතු සේවකයන්ගේ වැටුප් වැඩිවීම නොපිළිගන්නා අතර බදු ගිවිසුම් අහෝසිකර වැවිලි වතු නැවත රජයට පවරා ගැනීමේ හැකියාවක් නැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවේ සභාපති රොෂාන් රාජදුරෙයි මහතා පවසයි.

    ජුනි 01 වැනිදා සිට වතු කම්කරු අවම වැටුප ලෙස රු.1350ක් සහ තවත් රුපියල් 300ක දීමනාවක් ගෙවන ලෙස රජය කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රොෂාන් රාජදුරෙයි මහතා මේ බව සඳහන් කළේය.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කර තිබෙන ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙන් හෙතම මේ බව සඳහන් කළේය.

    “රජය හිටිහැටියේ සියයට හැත්තෑවකින් වතු කම්කරු වැටුප ඉහළ දැමුවා. මේක අපි දැඩිව හෙළා දකිනවා. මේක අදූරදර්ශී අත්තනෝමතික තීන්දුවක්. රජයට හිතුමතේ වතු රජයට පවරා ගන්න බැහැ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නීති සහ සමාගම් පනත අනුවත් රජයට හිතුමතේ එවැන්නක් කරන්න ඉඩ සලසා නැහැ” යැයි රාජදුරෙයි මහතා කියා සිටියේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img