තවත්
    මුල් පිටුවspecialඉතාලියෙන් නේටෝවට දැඩි ප්‍රහාරයක්

    ඉතාලියෙන් නේටෝවට දැඩි ප්‍රහාරයක්

    බටහිර ආයුධවලින් රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි නියෝජ්‍ය අගමැති මැටියෝ සල්විනි නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් “භයානක මහත්මයෙකු” ලෙස හඳුන්වයි.

    ඒ අනුව නේටෝ සංවිධානය විසින් සිදුකරණු ලබන කටයුතු හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයට තුඩු දිය හැකි බවටද ඉතාලි නියෝජ්‍ය අග්‍රාමත්‍යවරයා අනතුරු අඟවා ඇත.

    රුසියානු භූමියේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබෙන දිගු දුර අවි ලබාදෙන ලෙසට නේටෝ ප්‍රධානියා බටහිර පරිත්‍යාගශීලීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටින තත්ත්තවයක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් යුක්‍රේන භූමියෙන් ඔබබ්ට රුසියානු භූමිය වෙත ප්‍රහාර එල්ල නොකරන ලෙසට කොන්දේසි පනවමින් බටහිර රටවල් යුක්‍රේනයට අවි ආයුධ ලබාදීම සිදු කරනු ලැබ තිබේ. රුසියා යුක්‍රේන ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා මෙම කොන්දේසිය පනවා තිබිණි. කෙසේ වෙතත්, පසුගිය සතියේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, නේටේ සංවිධානයේ මහ ලේකම් ස්ටෝල්ටන්බර්ග් කියා සිටියේ එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි කඳවුරේ සහචරයින්ට සියලු සීමාවන් නැවත සලකා බැලීමට කාලය පැමිණ ඇති බවයි.

    බල්ගේරියාවේ සොෆියා හි නේටෝ පාර්ලිමේන්තු සභාවේ පැවති මාධ්‍ය හමුවකදී නේටෝ ප්‍රධානිය සඳුදා දිනයේදී සිය ස්ථාවරය නැවත අවධාරණය කළේය.

    ඒ අනුව ස්ටෝල්ටන්බර්ග්ගේ වචන ගැන අදහස් දක්වමින් සල්විනි ඒවා විස්තර කළේ “නේටෝ ප්‍රධානිය ඉතා භයානක සහ නොසැලකිලිමත්” ලෙසය.

    “මේ මහත්මයා භයානකයි මොකද තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබෙන, රුසියානු භූමිය ඇතුලට පහර දීලා ජීවිත හානි කරන්න පුළුවන් බටහිර ආයුධ ගැන කතා කරන එක මට පේන්නේ හරිම භයානක සහ නොසැලකිලිමත් විදියටයි” යනුවෙන් සඳුදා දිනයේ ඉතාලි නි‍යෝජ්‍ය අග්‍රමාත්‍යවරයා වාර්තාකරුවන්ට පවසා තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img