තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩිජිටල් චීනය ගොඩනැගීමේ පළමු පියවර සාර්ථකයි

    ඩිජිටල් චීනය ගොඩනැගීමේ පළමු පියවර සාර්ථකයි

    ඩිජිටල් චීනය ගොඩනැගීම පිළිබඳ 7 වැනි සමුළුවෙන් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්වෙයි.

    චීනයේ ෆූචොව් නගරයේ පැවති එම සමුළුව 25 වැනිදා අවසන් විය. ඩිජිටල් කර්මාන්තය, ඩිජිටල්කරණ පරිවර්තනය සහ නව යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර ආවරණය කළ මෙවර සමුළුවේ දී යුවාන් බිලියන 203 ක වටිනාකමින් යුතු ඩිජිටල් ආර්ථික ව්‍යාපෘති 421 කට අත්සන් තබා ඇත. එය, ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික කර්මාන්ත දාමයක් නිර්මාණය කිරීමට හිතකර වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණ.
     
    චීනයේ ඩිජිටල් ආර්ථිකය 2023 වසරේ දී ස්ථාවර වර්ධනයක් සාක්ෂාත් කර ඇති බව මෙම සමුළුවේ දී නිකුත් කෙරුණු “ඩිජිටල් චීනයේ සංවර්ධන වාර්තාව – 2023” කියයි. එසේම ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්තවල එකතු කළ අගය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් වන බව ද එහි සඳහන් ය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img