fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-ජපාන අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්

    චීන-ජපාන අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්

    චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිදා මහතා හමුවෙයි. සෝල් අගනුවර පැවති 9 වැනි චීන-ජපාන-දකුණු කොරියානු නායක හමුවට සමගාමීව එම හමුව 26 වැනිදා රාත්‍රියේ පැවැත්විණ.

    දෙරට නායකයන් එළඹුණු වැදගත් සම්මුතීන් ක්‍රියාවට නංවා, අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරමින්, නවයුගයේ අවශ්‍යතා සපුරාලන තිරසර චීන-ජපන් සබඳතාවක් උදෙසා ජපානය චීනය සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි ලී ච්‍යං මහතා එහිදී බලාපොරොත්තු පළ කළේය. තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවන් හි පදනම වේ. ජපානය සිය පොරොන්දු ඉටුකර, දෙරට සබඳතා නිසි ලෙස වර්ධනය කර ගැනීම සඳහා ධනාත්මක වාතාවරණයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අගමැතිවරයා කියාසිටියේය.

    ජපාන අගමැති ෆුමියෝ කිශිදා මහතා එහිදී පැවසුවේ, හරිත ආර්ථිකය, වෛද්‍ය සත්කාරක සේවා වැනි ක්ෂේත්‍රවල චීනය සමඟ පවතින සහයෝගිතා ශක්තිමත් කිරීමටත්, දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලුවලට එක්ව මුහුණදීමටත් ජපානය සූදානමින් සිටින බවයි. තායිවාන ප්‍රශ්නය හා සම්බන්ධ 1972 ජපාන-චීන ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් ස්ථාවරයට ජපානය අනුගත වන බවත්, එය කිසිසේත්ම වෙනස් වී නොමැති බවත් අගමැති ෆුමියෝ කිශිදා මහතා අවධාරණය කළේය

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img