තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරගත ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

    සිරගත ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

    සිර දඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේට වෙසක් පොහොය ද නිමිති කොටගෙන ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස මහනායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

    2016 වසරේ කුරගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙත පසුගිය මාර්තුවේදී වසර හතරක සිර දඩුවමක් නියම කරන ලදී.

    පසුගිය කාලවකවානුවේදී තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඩ අවදි කරමින් කටයුතු කරමින්, සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ද පියවර ගැනීම නිසා සමාජය තුළ ව්‍යාප්ත වීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බැවින් එම ක්‍රියාවන් සිහිපත් කොට ජනපති සමාව ලබාදෙන ලෙස මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකාය මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img