තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාර් එකෙන් ගිහින් කොල්ලකෑ 4 කල්ලිය අල්ලයි

    කාර් එකෙන් ගිහින් කොල්ලකෑ 4 කල්ලිය අල්ලයි

    මෝටර් රථයකින් ගමන්කරමින් රටපුරා විවිධ ප්‍රදේශවල වෙළඳ සැල්, බැංකු, මූල්‍ය ආයතන හා ස්වර්ණාභාරණ අලෙවි ස්ථාන කොල්ලකෑ සිව් දෙනෙකුගේ කල්ලියක් ගිනි අවියක්ද සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගාල්ල, කඳාන, වත්තල, ඇඹිලිපිටිය,මිද්දෙණිය,රත්නපුර යන ප්‍රදේශවල වෙළඳ සැල්, බැංකු, මූල්‍ය ආයතන හා ස්වර්ණාභාර අලෙවි සැල් 12ක් මෙම සැකකරුවන් විසින් කොල්ලකා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

    මෝටර් රථයකින් පැමිණ ඉමදූව කනන්කේ පිහිටි හෝටලයකට කඩා වැදී ගිනි අවි පෙන්වා එහි හිමිකරුගේ ගෙල බැදි පවුම් 10ක රන් මාලයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් සිව් දෙනා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙක් ව්‍යාපාරිකයන්ය. ඔවුන් හපුගල සහ අකුරුස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. වයස අවුරුදු 61 , 49, හා 47 යන වයස්වල ඔවුන් තිදෙනා පසුවන බවත් සිව් වැන්නා ඇඹිලිපිටියේ පදිංචි 45 හැවිරිදි රියදුරෙක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img