මෙරට පැවති තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම, අද (19) පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුලු රණවිරුවන් සහභාගී වීමට නියමිත ය.
යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එම අවස්ථාවට එක්වීමට නියමිතයි.
මේ අතර 15 වැනි ජාතික රණවිරු දිනයට සමගාමීව අද දින සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදාවේ නාවිකයන් 3146 කට සහ යුද්ධ හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවේ නිළධාරින් 114 දෙනෙකුට සහ සෙසු නිලයන් 1395 දෙනෙකුට ඔවුන්ගේ මීළඟ නිලයට උසස්වීම් ලබාදී තිබේ.
ඒ, සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යටත්ව, අදාළ හමුදාපතිවරුන් විසින් මෙම උසස්වීම් පිරිනමා ඇත.
මේ අතර රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු මාර්ගය වසා දමන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.
ඒ අනුව අද පස්වරු 3 සිට පොල්දූව මංසන්ධියේ සිට කියැන්හෑම් මංසන්ධිය දක්වා මාර්ගය මෙලෙස වසා දැමේ.
එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටී.