හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පැවති පක්‍ෂයේ විධායක සභා රැස්වීමේදී ඔහු මේ බව දැනුම් දී ඇත.
2015 පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රීලනිප පක්ෂ සභාපතිත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැවරීමට පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.
එතැන් පටන් සභාපතිත්වය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා, මෑතකාලීනව පක්ෂය තුළ මතුවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ, සභාපති ධුරය දැරීම අත්හිටුවමින් අධිකරණය විසින් දෙවරක් දීර්ඝ කරන ලද අතුරු වාරණයකට ද මුහුණදී සිටී.
ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරයට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පත්කර ඇත.