තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික සෙබලු රුසියාවට යවන ජාවාරමට විශ්‍රාමික මේජර් ජනරල් සමඟ සාජන් මේජර් අත්අඩංගුවට

    විශ්‍රාමික සෙබලු රුසියාවට යවන ජාවාරමට විශ්‍රාමික මේජර් ජනරල් සමඟ සාජන් මේජර් අත්අඩංගුවට

    රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යාමේ සංවිධානාත්මක ජාවාරම මෙහෙයවන ප්‍රධානියෙක් ලෙස හදුනාගත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් සහ සාජන් මේජර්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම,ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මේජර් ජනරාල්වරයා 2022 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගිය හමුදා සේනාංකාධිපතිවරයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    මෙම ඡාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම,ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම මේජර් ජනරාල්වරයාත් සාජන් මේජර්වරයාත් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

    සබැඳි පුවත්
    ආරක්ෂක ලේකම්ගෙන් හිටපු රණවිරුවන්ට විශේෂ ඉල්ලීමක්
    තව පිරිසක් රුසියා හමුදාවට ගිහින් අමාරුවේ -බේරගන්නැයි ඉල්ලති

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img