තවත්
    මුල් පිටුවදේශීය පුවත්රුසියානු හමුදාවට කුලී හේවායන් මෙරටින් යවන මහ මොළ දෙකක් කොටු

    රුසියානු හමුදාවට කුලී හේවායන් මෙරටින් යවන මහ මොළ දෙකක් කොටු

    රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යාමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

    වාරියපොල පදිංචි විශ්‍රාමික මේජර්වරයෙක් සහ දිගන පදිංචි ඒජන්සිකරුව‍කුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    රුසියානු හමුදා කදවුරුවල පිරිසිදු කිරීමේ සේවය සඳහා යැයි පවසමින් කුළි හේවායන් ලෙස මෙරට හමුදාවල විශ්‍රාමිකයන් රවටා රුසියානු යුක්රේන් යුද්ධය සඳහා කුළි හේවායන් ලෙස පිරිස් යැවීම මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකර ඇති බවත් මෙසේ විශාල පිරිසක් රුසියාවට යවා ඇති බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

    සංවිධානාත්මකව සිදුවන මෙම ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

    රුසියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වලල්ලේ ආරක්ෂාව සඳහා මේ අයව යොදවන බවත් පළායන අයට වෙඩි තබන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. පළායන්නට ගොස් හසුවූ ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට රුසියානු හමුදා කදවුරුවල සිරකර සිටින බවද කියැවේ.

    යුක්රේන් ප්‍රහාරවලින් රුසියානු හමුදාවේ සිටින ශ්‍රී ලංකිකයන් සිව් දෙදෙනෙක් මියගොස් ඇති බවටද තොරතුරු වාර්තාවේ. ඒ අයගේ මළ සිරුරු පවා මෙරටට ගෙන ඒමට මෙතෙක් නොහැකි වී ඇත. අනාවරණය වන ආකාරයට අනුව එම සිරුරු රුසියානු හමුදාව විසින් සිය භාරයට පවා ගෙන නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img