fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඟහරු අත්දැකීමට තෝරාගත් අපේ විද්‍යාඥවරිය ආචාර්ය පියුමි විජේසේකර

    අඟහරු අත්දැකීමට තෝරාගත් අපේ විද්‍යාඥවරිය ආචාර්ය පියුමි විජේසේකර

    දින 45ක අනුකරණිත අඟහරු මෙහෙයුමක් සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියක වන ආචාර්ය පියුමි විජේසේකර මෙනවිය තෝරාගෙන ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය නිවේදනය කර ඇත.

    මෙම මෙහෙයුම සඳහා තෝරාගත් සිවු දෙනාගෙන් එක් අයකුවන ආචාර්ය පියුමි විජේසේකර මෙනවිය හුස්ටන් හි ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ නිර්මාණය කර තිබෙන (Human Exploration Research Analog) අනුකරණිත අඟහරු මෙහෙයුම සඳහා එක්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි 10 වැනිදාය.

    එතැන් පටන් මෙම සිවු දෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා කාර්ය මණ්ඩලය දින 45ක් අදාළ මෙහෙයුමේ නිරතවීමට නියමිත අතර ඔවුන් ලබන ජුනි මස 24 වැනිදා නැවත පෘතුවියට පැමිණීමේ අත්දැකීම ලබනු ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ද ඇයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    NASA – National Aeronautics and Space Administration හි අඟහරු වෙත සිව් පුද්ගල සමාකරණ මෙහෙයුමේ සාමාජිකාවක් ලෙස තෝරා ගැනීම පිළිබඳව පියුමි විජේසේකරට සුබ පැතුම්!

    කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඇයගේ මූලික අධ්‍යයනයේ සිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියක් ලෙස ඇයගේ වර්තමාන භූමිකාව දක්වා, ඇයගේ ගමන STEM ක්ෂේත්‍රවල සිටින තරුණ ගැහැණු ළමයින් සඳහා පූර්වාදර්ශයකි.

    අඟහරු ග්‍රහලෝකය ගවේෂණය කිරීමට සහ අභ්‍යවකාශ ගවේෂණයේ අනාගත ප්‍රගතියට මග පාදා ගැනීමට ඇය මෙම උද්යෝගිමත් මෙහෙයුමට දායකවීම පිළිබඳව සුබ පැතුම් එක් කරමු. යැයි එහි සඳහන්ය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.