තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්හැරී කුමරුගේ වාසස්ථානය අමෙරිකාව බව තහවුරු වෙයි

    හැරී කුමරුගේ වාසස්ථානය අමෙරිකාව බව තහවුරු වෙයි

    තිරසාර සංචාරක පුණ්‍යායතනයක් වන ට්‍රැවලිස්ට් සඳහා ගොනු කිරීමකින් හැරී කුමරුගේ ස්ථිර වාසස්ථානය ලෙස අමෙරිකාවේ කැලිෆෝනියාව තෝරාගෙන ඇති බව පළමුවරට තහවුරු වී තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදයේ ගොනුකර තිබෙන නවතම ලේඛනවලින් මේ බව තහවුරු වී ඇතැයි ස්කයි නිවුස් වාර්තා කරයි.

    හැරී සහ මේගන් 2020 මාර්තු මාසයේදී රාජකීයයන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත් වූ දා සිට අමෙරිකාවේ කැලිෆෝනියාවේ ජීවත් වූහ.

    සමාගම් ලියාපදිංචිය වෙනුවෙන් විද්‍යුත් ගොනු කිරීමක් ලෙස හැරී කුමරු මෙම තොරතුරු ඉදිරිපත් කිරීමත් සමඟ බදාදා මේ බව තහවුරු වුවද අදාළ ලේඛනයේ දැක්වෙන වෙනස් කිරීම 2023 ජුනි 29 වන දින පටන් සිදු කර ඇති බව හෙළිව තිබේ.

    හැරී සහ මේගන් එක්සත් රාජධානියේ ෆ්‍රොග්මෝර් කොටේජ් හැර ගිය බව බකිංහැම් මාලිගය තහවුරු කළේ එදින ය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img