fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්චීන අගමැති සහ ජර්මානු චාන්සලර් අතර හමුවක්

    චීන අගමැති සහ ජර්මානු චාන්සලර් අතර හමුවක්

    චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. හමුව 16 වැනිදා සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සිදුවිය.

    ජර්මනිය සමග එක්ව, දෙරට සබඳතාව අඛණ්ඩ ව නව මට්ටමකට රැගෙන යාමට චීනය කැමති බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ජර්මනියේ වඩාත් වැඩි ගුණාත්මක නිෂ්පාදන ආනයනය කරමින්, ජර්මනිය ඇතුළු විවිධ රටවල ව්‍යවසායන්ට චීනයේ ආයෝජනය කිරීමට මනා ව්‍යාපාරික පරිසරයක් සැපයීම චීනයේ අපේක්ෂාවයි.

    ජර්මනියේ ක්‍රියාත්මක චීන ව්‍යවසායන්ට සාධාරණ මෙන්ම වෙනස්කම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    චීනය සමග එක්ව, විවිධ මට්ටම්වල සංවාද සහතික කරමින්, මූල්‍ය, කෘෂි, පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට ජර්මනිය සූදානම් බව Olaf Scholz මහතා එහිදී කියා සිටියේය. දෙරට ආර්ථික හා වෙළඳ සබඳතාව වර්ධනය කිරීම කෙරෙහි ද අවධානය දක්වන ජර්මනිය, චීනය වෙන් කොට සැලකීමට එරෙහි වේ. චීන ව්‍යවසායන්ට ජර්මනියේ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ද චාන්සලර්වරයා එහිදී තවදුරටත් පැවසීය.

    චීනයේ නිල චාරිකාවක නිරත ජර්මානු චාන්සලර්වරයා සහ චීන ජනපති ෂී ජින් පිං මහතා අතර හමුව 16 වැනිදා පෙරවරුවේ පැවැත්විණ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img