fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්IMF 2024 ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ නංවයි

    IMF 2024 ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ නංවයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වැනිදා නිකුත් කළ “ලෝක ආර්ථික දැක්ම” මගින් 2024 වසරේ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව 3.2% ක් දක්වා ඉහළ නංවා තිබේ. එම අනුපාතය ඉකුත් ජනවාරි මාසයේ කළ පුරෝකථනයට වඩා 0.1% ක වර්ධනයකි.

    2022 වසරේ මැද භාගයේ දී ගෝලීය උද්ධමනය එහි උච්චතම අවස්ථාවේ සිට ක්‍රමයෙන් පහත වැටීමත් සමග ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව එම වාර්තාවේ දැක්වේ. එසේම, ගෝලීය සමස්ත උද්ධමන අනුපාතය 2023 දී පැවති 6.8% සිට 2024 දී 5.9% දක්වා පහත වැටෙනු ඇති අතර, 2025 දී එය 4.5% ක් දක්වා තවදුරටත් පහළ යනු ඇතැයි එම වාර්තාව පුරෝකථනය කර ඇත.

    කාලීන සාධක මෙන්ම කො‍රොනා වසංගතය හා රුසියානු- යුක්රේන අර්බුදය උග්‍රවීමෙන් ඇති වූ දිගුකාලීන බලපෑම ලෝක ආර්ථික වර්ධනයේ පසුබෑමට තවමත් හේතු වී ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.