fbpx
තවත්
    මුල් පිටුවspecialමැදපෙරදිග කලාපයේ තත්ත්වය උග්‍රවීම වළක්වන්න සංයමයෙන් වැඩකරන්නැයි රටවල් රැසක් ඉල්ලයි

    මැදපෙරදිග කලාපයේ තත්ත්වය උග්‍රවීම වළක්වන්න සංයමයෙන් වැඩකරන්නැයි රටවල් රැසක් ඉල්ලයි

     
    මැදපෙරදිග කලාපයේ තත්ත්වය උග්‍රවීම වැළැක්වීම සඳහා සංයමයෙන් ක්‍රියා කරන්නැයි  රටවල් රැසක නියෝජිතයෝ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිති.
     
    ඊයේ (14) අලුයම, ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාම් විප්ලවීය හමුදාව පැවසීය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ එම ඩ්‍රෝන යානා සහ මිසයිල කිහිපයක් තම ප්‍රහාරක යානා මගින් බිම හෙළූ බවයි.
     
    මේ තත්ත්වය සම්බන්ධයෙන්, නිවේදනයක් නිකුත් කළ රුසියානු විදේශ අමාත්‍යාංශය සංයමයෙන් ක්‍රියා කරන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    මේ අතර, ඇමරිකානු ජනාධිපතිවරයා සමග ඊයේ (14)  දුරකථන සංවාදයක නිරත වූ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු ද, ඊශ්‍රායලයේ ඕනෑම උග්‍ර පියවරක් මැදපෙරදිග කලාපයේ ගැටුම් ව්‍යාප්ත කිරීමට හේතු වනු ඇති බවට අනතුරු අඟවා ඇත.
     
    තුර්කි විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය සිරියාවේ ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

    එසේම, මේ තත්ත්වය සමනය කරගැනීමට පියවර ගන්නැයි චීනය ද ඉල්ලීමක් කරයි.
     
    මීට අමතරව, බ්‍රසීලය, මෙක්සිකෝව, වෙනිසියුලාව සහ කොලොම්බියාව වැනි ලතින් ඇමරිකානු රටවල් ද උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.