fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නවමු සංකල්පවලින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු!"

    “නවමු සංකල්පවලින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු!”

    නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ඇරඹීමට සියලු දෙනා එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත සිය සුබපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් ජනතාව වෙත නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින්.

    “සිංහල හා හින්දු අලූත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි.

    මෙලෙස නැකත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ.

    ස්වභාවධර්මයා සමග ගනුදෙනු කළ අපේ මුතුන් මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය. ඔවුන්ගේ දරු මුණුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාවය, සකසුරුවම, අපේකම, සමගිය පිළිබඳව යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියත්මකභාවයයි.

    ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණ දී, රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුයි.පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටුවෙමු. ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.”

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.