තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව යොවුන් දැරියන්ගේ ලිංගික සබඳතා ගැන ගේන්න හැදූ නීතිය රිවර්ස්

    නව යොවුන් දැරියන්ගේ ලිංගික සබඳතා ගැන ගේන්න හැදූ නීතිය රිවර්ස්

    සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට දෙන දඬුවම ලිහිල් කිරීම සඳහා ගෙනඒමට සූදානම් වූ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කරයි.

    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (23) කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ පිළිබඳ මෙලෙස ප්‍රකාශයක් කළේ ය.

    “බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුවා පනත් කෙටුම්පත සම්මත කිරීම අත්හිටුවන්න කියලා. තවදුරටත් සාකච්ඡා කළ යුතු බව දැනුම් දුන්නා. කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරද්දී මම නීතිපතිට දැනුම් දුන්නා කෙටුම්පත අප ඉදිරියට ගෙන නොයන බව. ඒ වෙනුවට සාකච්ඡාවක් දෙනවා අදාළ පාර්ශ්වයන්ට. සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නවා. එය පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස්කර ගන්නවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img