පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉවත් වි තිබේ.
ඒ ජාතික ජන බලවේගයේ නායක (NPP) අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන දෙදෙනායි.
තම ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත ලිඛිතව දන්වමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරයා කියා සිටියේ කෝප් කමිටුවට තවදුරටත් මහජනතාවගේ පාරදෘශ්‍යභාවය පිළිබඳ විශ්වාසයක් නොමැති බැවින් තමන් සාමාජිකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් එරාන් වික්‍රමරත්න, ගාමිණී වලේබොඩ, මහාචාර්ය චරිත හේරත්, දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, හේෂා විතානගේ, ශානකියන් රසමානික්කම් සහ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු නව කෝප් සාමාජිකයින් 10 දෙනෙකු මේ වනවිට එම කමිටුවෙන් ඉවත්ව ඇත.
මාර්තු 07 වැනි දින කැඳවා තිබූ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරයේ පළමු කෝප් රැස්වීමේදී වැඩි ඡන්දයෙන් අබේගුණවර්ධන මහතා කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් විය.
ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කර තිබුණි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ටික වේලාවකට පසු කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස වසන්ත යාපා බණ්ඩාරගේ නම ප්‍රකාශයට පත් කෙරුණු නමුත්, වහාම ක්‍රියාත්මක වන පරිදි මන්ත්‍රීවරයා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.