තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩිජිටල් ශ්‍රී ලංකාවකට වොෂින්ටනයෙන් තල්ලුවක්

    ඩිජිටල් ශ්‍රී ලංකාවකට වොෂින්ටනයෙන් තල්ලුවක්

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..)

                   ඇමරිකාවේ ඩිජිටල්කරණයේ ඉහළින් වැජඹෙන ව්‍යවසායකයන්, වෘත්තිකයන් ඇතුළු ලාංකිකයන් සමග එක්ව ලංකාවේ එම ක්ෂ්‍රේත්‍රය වඩාත් ශක්තිමත්  කිරීමේ වැඩ සටහනක් පසුගියදා වොෂින්ටනයේදී පැවැත්විණ.
    
       ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එය සංවිධානය කල අතර රාජ්‍ය ඇමති කනක හේරත් මහතා ද  ඊට එක්වූහ.  ක්ෂ්‍රේත්‍රයට අදාළ වෘත්තිකයන්, ව්‍යවසායකයන් හා ලාංකිකයන් මෙන්ම ඇමෙරිකානුවන් 60 ක පිරිසක් සක්‍රියව හා අන්තර් ජාලය හරහා ඊට එක්වූහ.
    
      මෑතකදී ලංකාව මුහුණ දුන් අභියෝග ජයගැනීමේදී රාජ්‍ය ආයතන හා ආර්ථිකය ඩිජිටල්කරණය වූ අයුරු තානාපති සමරසිංහ මහතා පැහැදිලි කළේය. ලංකාවේ සිදුවන ආර්ථික ප්‍රගකිය හා ඩිජිටල්කරණ නැඹුරුව ගැන IMF, ලෝක බැංකුව හා ඇමෙරිකාවෙන් ද සාධනීය  ප්‍රතිචාර ලැබෙන බව ද ඔහු කීය.
    
         මෙහිදී අදහස් පළකල රාජ්‍ය ඇමති කනක හේරත් මහතා ඩිජිටල්කරණය දියුණු කිරීමට රජය ගත් හා ගන්නා ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කරමින් පෞද්ගලික අංශය ඊට සම්බන්ධ කරගන්නා අයුරු අවධාරණය කළේය. ලංකාවේ මෙම ක්ෂ්‍රේත්‍රයට අදාළ කරුණු 06 ක් ගෙනහැර දැක්වූ ඇමතිවරයා ඇමෙරිකාවේ හා එහි වෙසෙන ලාංකිකයන්ගේ සහාය ද ඉල්ලා සිටියේය.
    
        ක්ෂ්‍රේත්‍රයේ විද්වතුන් වන මහාචාර්ය සමන් අමරසිංහ, ලක්මිණි විජේසුන්දර, ප්‍රකාශ් ත්‍යාගරාජා ICTA හි සචින්ද්‍ර සමරරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.
    
      තානාපති සමරසිංහ මහතා මෙහෙයවූ ප්‍රශ්නෝත්තර සැසිය තුළ වැඩ සටහනට එක්වූ අයගේ අදහස් මත ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීමට ඉවහල් වන බව පැවසීය. අදාළ සම්බන්ධීකරණය දිගටම පවත්වාගෙන යන බව තානාපති සමරසිංහ මහතා එහිදී ප්‍රතිඥා දුන්නේය.
    
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img