fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද ඉඳන් දුම්රිය ආසන වෙන්කරන්න වෙන්නේ මෙහෙමයි..

    අද ඉඳන් දුම්රිය ආසන වෙන්කරන්න වෙන්නේ මෙහෙමයි..

    දුම්රිය ආසන වෙන්කිරීම අද (14) සිට සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත.

    මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබේ.

    ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදුකිරීමට තීරණය කර නොමැති අතර එලෙස මුදල් අය කිරීමක් සිදුවන බවට සිදුවන ප්‍රචාර අසත්‍යය බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “දුන්හිඳ ඔඩිසි” නමින් නව දුම්රියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතය.

    මීට පෙර ද දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ අරමුණින් “ඇල්ල ඔඩිසි‍” සහ “සීතාවක ඔඩිසි” නමින් දුම්රිය දෙකක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.