ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදීගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ අද පැය 4ක රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය.
මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී ඔහු විසින් එම ප්‍රකාශය ලබාදුන්නේ පෙර නඩු දිනයේදී රහස් ප්‍රකාශයක් ලබාදීමට ඔහු සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව මෙම සිද්ධියේ සෙසු සැකකරුවන්ගෙන් වෙන්කර මහර බන්ධනාගාරයේ රදවා සිටි වෛද්‍ය සමන් රත්නායක මහතාව අද අධිකරණයට රැගෙන එනු ලැබුවේ මහර බන්ධනාගාරයේ සිටය.