අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනීද මැල් මහතාගේ දෙවිනුවර පිහිටි නිවස පිහිටි භූමියේ ඇති ඔහුට අයත් කාර්යාල ගොඩනැගිල්ලක් හොරු බිඳ ඇති බවට පැමිණිල්ලක් ගන්දර පොලීසියට අද ලැබී ඇත.
ගොඩනැගිල්ලේ පිටුපස දොර කඩා එයට ඇතුළු වී එහි කාමරවල දොරවල් ගලවා පිත්තල සරනේරු 34ක් රැගෙන ගොස් ඇති බව ගන්දර පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් වූ පැමිණීල්ල පොලීසියට කර ඇත්තේ නිවසේ මුරකරු විසිනි.
නාන කාමරවල ඇති නාන කාමර උපංගද ගලාවාගෙන යාමට උත්සහ කර ඇති බවට ලක්ෂණ ඇති බවද පොලීසිය සඳහන් කළේය.