තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොරතොට හාඩ්වෙයාර් එකකට වෙඩි (📹)

    කොරතොට හාඩ්වෙයාර් එකකට වෙඩි (📹)

    කොරතොට පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයක් ඉදිරිපිට පැමිණි පුද්ගලයෙක් එම අලෙවි සැල දෙසට අද උදෑසන වෙඩි කිහිපයක් තබා පළාගොස් තිබේ.

    සුදු පැහැති යතුරුපැදි හිස් ආවරණයක් පැලද පැමිණි වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් පැහැදිලි නැත.

    දුරකථන ඇමතුමක රැදී සිටිමින් එම ස්ථානයට පැමිණ වෙඩි තබා ඇති බව ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති දර්ශන නිරීක්ෂණයේදී පෙනී යන බව පොලීසිය කියයි.

    වෙඩික්කරු පැමිණ ඇත්තේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් බවත් ඔහු සමඟ තවත් අයෙක් පැමිණ ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    මෙම වෙඩි තැබීම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයේ හිමිකරු බිය ගැන්වීමේ අරමුණින් සිදුකර ඇති බව සැකකෙරේ. මෙම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම් තිබී ඇතිදැයි කියා සොයා බලන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img