තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් මන්ත්‍රීවරයකු මැතිසබේ දිවුරයි

    අලුත් මන්ත්‍රීවරයකු මැතිසබේ දිවුරයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (05) දිවුරුම් දී තිබේ.

    අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ඔහු මෙලෙස පත්කෙරිණි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන තිබුණේ එස්. සි. මුතුකුමාරණ මහතා වන අතර ඒ අනුව පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලබා ඇත.

    මුතුකුමාරණ මන්ත්‍රීවරයා මීට පෙර ද 7 වැනි සහ 8 වැනි පාර්ලිමේන්තු දෙකෙහිම මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img