fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"බලයට ආවොත් බදු ගහන්නෑ කියන අය රට කරන්නේ, ඒ කාලේ අරන්ගිය...

    “බලයට ආවොත් බදු ගහන්නෑ කියන අය රට කරන්නේ, ඒ කාලේ අරන්ගිය රත්තරන් බඩුවලින්ද?”

    තමන් බලයට ආ පසු බදු අයකිරීම් නවතාදමන බවට පවසන පිරිස් රජයේ කටයුතු පවත්වාගෙන යන්නේ අතීතයේ නිවෙස්වලට පැමිණ රැගෙන ගිය රන් ආභරණ විකුණා සොයන මුදල්වලින්දැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විමසීය.

    වර්ථමානයේ පවතින ආර්ථික අර්බුදය වැලැක්වීමට අකමැත්තෙන් වුවද බදු අය කිරීමට සිදුව ඇති බවත් රජය සහ ජනාධිපතිවරයා එවන් තීරණ ගනු ලබන්නේ පටු දේශපාලන අරමුණ පසෙකලා රටේ සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමේ අරමුණින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේබව සඳහන් කර සිටියේ මහනුවර බෝගම්බර බන්ධනාගාර ක්‍රීඩාංගනයේ අද (1) ආරම්භ වූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වූ අවස්ථාවේදීය.

    මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “ලාංකිකයින් කියන්නෙ දනට පිනට පුරුදු වෙලා ඉන්න ජාතියක්. අපි හැමවෙලාවේ උදව් උපකාර කරලා පුරුදු ජාතියක්. අපි හිරකාරයන්ට පවා හොදට ආගන්තුක සත්කාරයෙන් සැලකුවා ඊට හොදම උදාහරණය තමයි රොබට් නොක්ස්. නමුත් අද වෙනකොට මනුස්සයෙක්ට මැරියන් කියලා කියන්න තරම් හිත් වෙනස් කරගත්ත ජාති‍යක් බවට අපි පත්වෙලා තියෙනවා.

    ඒ අනුව ඉතිහාසය පුරා දන් දුන්න ජාතියක් වුන අපි, අද වෙනකොට බදු ගෙවන එක විශාල ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඇත්තටම බදු මුදල් ගෙවන්නේ මොකටද? අපි බදුගෙවන්නේ සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව, නිදහස් අධ්‍යාපනය ලබාදෙන්න, රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීම ඇතුලු සියලුම දේවල් සඳහායි.

    අද බදු වලට විරුද්ධව කෑගහනවා. අපිට බදු ගහන්නේ වුනේ පැවති තත්ත්වය වෙනස් කරන්නයි. අපි ඉතිහාසය පුරාවටම රාජකාරිය දේව කාරියටත් වඩා ඉහළින් කරපු පිරිසක්. එදා අපි රජයට කාසි වලින් බදු ගෙව්ව නැති නිසා රජයට රාජකාරි කළා.

    ඒ දවස් වල වැව්, දාගැබ් හදන කොට ජනතාව ශ්‍රමයෙන් දායකත්වය දුන්නා. එහිදී වුනේ රට හදන වැඩේට ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් දායකත්වය ලබාදිමයි. එදා වගේ අපිට ශ්‍රමයෙන් දාකත්වය දෙන්න බැහැ. ඒ නිසයි අපි මේ විදිහට බදු ගෙවීම කරන්නේ.

    ඉතින් කවුරු හරි කියනවා නම් අපි ආවොත් බදු ගන්නේ නැහැ කියලා. ඒ අයගෙන් අපි අහන්න කැමතියි, බදු ගන්නේ නැතිව රට කරන්නේ ඒ කාලයේ අරගෙන ගිය රත්තරන් බඩු වලින්ද කියලා.

    ජනාධිපතිවරණයක් තියෙන අවස්ථාවක බදු ගහන එක අපිට ඉතාම අවාසිදායක දෙයක්. මොකද බදු අය කලාම රාජ්‍ය නිලධාරීන් ඇතුලුව බදු ගෙවන සියලුදෙනාම අපිත් එක්ක තරහා වෙනවා.

    ඒත් අපි මේ තීරණ ගන්නේ මේ රට නැවත වතාවක් කඩා වැටීම වැලැක්විමටයි. දේශපාලනික වශයෙන් කොච්චර අවාසි වුනත් ජනාධිතිවරයා මේ තින්දු තීරණ ගැනීම කරන්නේ මේ රට නොවැටී ඉදිරියට යන වැඩපිළිවෙල හදන්නයි.

    පහුගිය මාසයේදී අපෙක්ෂිත බදු ඉල්ක්කය ඉක්මවා ගිහින් රුපියල් බිලියන 300ක අතිරික්ත මුදලක් භාණ්ඩාගාරයට ඇවිත් තියෙනවා. එහිදී ජනාධිපතිවරයා කිව්වා මහ බැංකුවෙන් මුදල් අච්චු ගහන්න හැකියාවක් නොමැති අවස්ථාවක මේ මුදල් ආරක්ෂිත අරමුදල් විදිහට තියාගමු කියලා.

    අවශ්‍ය නම් ජනාධිපතිවරයාට බදු මුදල් අඩු කිරීමෙන් හෝ අතරික්ත මුදල් ජනතාව අතරේ බෙදා දීලා දේශපාලන වාසියක් ගන්න හැකියාවක් තිබුණා. ඒත් එතුමා ඒක කලේ නැහැ. අපි රටේ අනාගතය වෙනුවෙන් මුදල් ආරක්ෂිතව තියාගන්නවා. ඒක ලබන මාසයෙත් වෙනවා. ඒක ඉදිරි මාසවලදිත් වෙනවා. ඒ අනුව රුපියල් බිලියන 100ත් 150ත් අතර අතිරික්තයක් තියාගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

    අපි එහෙම කරන්නේ රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් සහ රට නැවතත් අර්බුදයකට වැටෙන එක වැලැක්වීමයි.”

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.