fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ සමාගමේ රජයේ කොටස් විකුණන්න EOI මේ සතියේ කැඳවයි

    ලීට්‍රෝ සමාගමේ රජයේ කොටස් විකුණන්න EOI මේ සතියේ කැඳවයි

    ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ රජයේ කොටස් අයිතිය පැවරීම සඳහා සුදුසු ආයෝජකයන්ගෙන් කැමැත්ත පළකිරීමේ නිවේදන (EOI) මෙම සතියේ දී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

    රටේ විශාලතම පිසින ගෑස් සැපයුම්කරුවා වන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් 99%ක කොටස් රජය සතු ය.

    ලිට්‍රෝ ගෑස් නිවාස මිලියන 4.7කට සහ ව්‍යාපාර 14,000කට ගෑස් සපයනු ලබයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් වැඩසටහන යටතේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස, ලිට්‍රෝ ගෑස් සමාගමේ රජය සතු කොටස් විකිණීම සඳහා රජයේ අභිප්‍රාය අනුව මෙම පියවර ගෙන ඇත.

    මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලංසු කැඳවීමේ අවසන් දිනය මාර්තු 5 වැනිදාට නියම කර ඇත.

    පහත සඳහන් රජයට අයත් ව්‍යාපාරවල රජයේ කොටස් බෙදාහැරීමට ඇමති මණ්ඩල එකඟතාවකින් පියවර ගෙන තිබු අතර, එය අධීක්ෂණය කිරීම සඳහා රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් ද පත් කරන ලදී.

    • සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින් ලිමිටඩ් ඇතුළුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම
    • ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී
    • සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
    • කැන්විල් හෝර්ඩින්ග්ස් පුද්ගලික සමාගම(ග්රෑන්ඩ් හයාත් හෝටලය )
    • හොටේල් ඩිවලොපර්ස් ලංකා සමාගම(කොළඹ හිල්ටන් හෝටලය )
    • ලිට්රෝ ගෑස් ලංකා පුද්ගලික සමාගම සහ ලිට්රෝ ටර්මිනල්ස් පුද්ගලික සමාගම (ලීට්‍රෝ සිල්ලර වෙළඳාම ඇතුළුව)
    • ලංකා හොස්පිට්ල් සංස්ථා පී.එල්.සී
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.