fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙර පාසල් සේවයත් ගුරු සේවයේම කොටසක් කරන්න සූදානමක්

    පෙර පාසල් සේවයත් ගුරු සේවයේම කොටසක් කරන්න සූදානමක්

    පෙර පාසැල් සේවය ද මෙරට ගුරු සේවයේම වෙනත් කොටසක් බවට පත්කරන්නේ යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    “මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් වෙනම අංශයක් ආරම්භ වෙනවා. පෙර පාසැල් සේවය මේ රටේ ගුරු සේවයේ වෙන කොටසක් බවට පත් කරනවා.”

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පෙර පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරියන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයකට අද (26) පෙරවරුවේ එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

    “ඇතැම් අය හිතන්නේ විප්ලයවයක් වෙන්න ලේ සෙලවිය යුතු බවයි. එහෙම දෙයක් නැහැ. අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මැතිතුමාගේ කාලයෙන් පසුව රිචඩ් පතිරණ මැතිතුමා‌ගේ කාලයේ අධ්‍යාපන විප්ලවයක් සිදු වුණා. මේ රටේ 76 වසරක ශාපය ගැන කථා කරන අය මේ රටේ දේශපාලන නායකයින් කළ සේවය පිළිබදව කථා කරන්නේ නැහැ. මේ රටේ පාසැල් 170 ක් ගිනි තිබ්බ අය අහනවා අධ්‍යාපනය විනාශ වුණේ කොහොමද කියලා . එදා අධිකරණ 27 ක් ගිනි තබපු අයම අහනවා කෝ මේ රටේ යුක්තිය කියලා.

    දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. දේශපාලන ස්ථාවරත්වය බිද වැටුණොත් ආර්ථික ස්ථාවරත්වය විනාශ වෙනවා. පසුගිය කාලයේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඝාතනය කළා. ඒ සියල්ල කලේ බලයට ඇති කෑදරකම නිසයි. ඒ අය එහෙම කරන්නේ ඔවුන් දන්නවා කිසිම දිනක ජන සම්මතයෙන් බලයට එන්න බැහැ කියලා. මම මේ අවස්ථාවේ දේශපාලනය කථා කරන්නේ නැහැ. නමුත් මේක පරිවර්තනීය යුගයක් බව හා මේ වසර මැතිවරණ වසරක් බව සදහන් කළ යුතුයි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.