fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙම් පලළහිලව්වකින් උපන් බිළිඳා මැරූ පාසල් සිසුවියකට වූ දේ..

    පෙම් පලළහිලව්වකින් උපන් බිළිඳා මැරූ පාසල් සිසුවියකට වූ දේ..

    අලුත උපන් බිළිඳා ලිඳකට දමා ඝාතනය කළ 17 හැවිරිදි සිසු මවක් කුරුණෑගල වෙලගෙදර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    අඹකොටේ හැවැන්පොල පදිංචි මෙම 17 හැවිරිදි බාලවයස්කර මව පසුගිය 12 වෙනිදා සිය බිළිඳා නිවස තුළදී ප්‍රසූති කර පණපිටින් ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.

    මෙම බාලවයස්කාර මව ප්‍රදේශයේ තරුණයෙක් සමඟ ඇතිකරගත් පෙම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ගැබිනියක් බවට පත්ව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඇය මේ බව සඟවාගෙන සිට පසුගිය 12 වෙනිදා රාත්‍රී කාලයේදී බිළිඳා බිහිකිරීමෙන් අනතුරුව නිවැසියන්ට හොරා පණපිටින්ම ලිඳට දමා ඇතැයි පොලීසිය කියයි.

    දින දෙකකට පසු බිළිඳු සිරුර ළිදේ පාවී ඇත.

    එය දුටු සිසුවියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී බිලිඳාගේ මව සිසුවිය බව හෙළිවි තිබේ. ඒ අනුව ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.