තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිම මාධ්‍ය ප්‍රකාශකයාට විනය පියවර ගන්න අගමැති නියෝගයක්

    ලංවිම මාධ්‍ය ප්‍රකාශකයාට විනය පියවර ගන්න අගමැති නියෝගයක්

    විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත විසින් වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බවද, ඔහු අවධාරණය කළේය.

    ඔහු කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත විනය පියවර ගන්නා බව, කියා සිටි අග්‍රාමාත්‍යවරයා, මෙම ප්‍රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාටද ස්තුතී කළේය.

    බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේදී පියා මියයාම පිළිබඳ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකදී පිළිතුරු දෙමින්, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ ලයිට් නොමැති නම් දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි බවයි.

    එමෙන්ම වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවත්, කියා ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    ” I will give a reply. ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාවය මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැගීම ගැන. ඒවාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයාලා ඉන්නවා, අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.”

    සබැඳි පුවත්
    “ඉගෙනගන්න මොකටද ලයිට්?” ඇසූ විදුලිබල‍ේ ප්‍රකාශකයා ඉල්ලා අස්වෙයි (📹)

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img