fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්බුදය මැද්දේ පොඩි පොඩි ව්‍යාපාර 20%ක් වැහිලා

    අර්බුදය මැද්දේ පොඩි පොඩි ව්‍යාපාර 20%ක් වැහිලා

    පසුගිය වසරේ මැදභාගය වනවිට මෙරට ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 20.2%ක් ස්ථිරව හෝ තාවකාලිකව වසාදමා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    2018 වසර අවසානයේ මෙරට සක්‍රීයව පැවති මිලියන 1.3 ක් වූ ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් මෙම සංඛ්‍යාව වැසී ගොස් ඇති බවට අනාවරණය වී ඇත්තේ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ය.

    2023 මැයි වනවිට මෙරට තුළ සක්‍රීයව පැවතී ඇත්තේ 2018 වසර අග දී පැවති මිලියන 1.3 ක් වූ ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් 79.8% ක් පමණි.

    මෙලෙස තාවකාලිකව හෝ ස්ථිරව වැසී ඇති ව්‍යාපාරවලින් වැඩිමනත් තොරතුරු ලබාගැනීම අසීරු කටයුත්තක් වුව ද, සමීක්ෂණයේදී ඒවා වසා දමන ලද වසර පිළිබඳව විමසා ඇත.

    මෙරය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කෝවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑම මැනබැලීම සඳහා ආයතන මට්ටමේ සමීක්ෂණයක් 2023 මාර්තු සිට ජූනි මස දක්වා ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලදී.

    මෙම සමීක්ෂණය මගින්, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණයේ කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු සිදුකරනු ලබන ව්‍යාපාර ස්ථාන ආවරණය කරන ලදී.

    ඊට කර්මාන්ත, වෙළඳ හා සේවා යන සියලුම අංශ ඇතුළත් බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.