fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව දියුණු රටක නගරයක ඉඩම් මිලටත් වඩා කොළඹ ඉඩම් ගණන් (📹)

    ලොව දියුණු රටක නගරයක ඉඩම් මිලටත් වඩා කොළඹ ඉඩම් ගණන් (📹)

    මෙරට තුළ දැනට පවතින ඉඩම් මිල ඉදිරියේදී ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ලෝකයේ දියුණු රටක නගරයක ඉඩම් මිලටත් වඩා මේ වනවිට කොළඹ පවතින ඉඩම්වල මිල ඉහළ බව ය.

    ඒ පිළිබඳ විවිධ සමීක්ෂණ පවා සිදුකර ඇති බව ද අමාත්‍යවරයා කීය.

    කෙසේවෙතත් මේ වනවිට ගොඩනැගිලි, නිවාස කුලිය පහත ගොස් ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

    අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු පවසන්නේ රුපියල අද වනවිට ශක්තිමත් වී ඇති බවත් ඉදිරියේදී අමෙරිකානු ඩොලරය රුපියල් 280ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.