fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවන්හල් හිමිකරුවකුට මෝදරදී වෙඩි

    අවන්හල් හිමිකරුවකුට මෝදරදී වෙඩි

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් අවන්හල් හිමිකරුවෙකුට මෝදර දී වෙඩිතබා පලාගොස් ඇත. තුවාල ලැබූ හිමිකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    කොළඹ-15 මෝදරවීදියේ පිහිටි ගුඩ්ෆුඩ් රෙස්ටුරන්ට් නැමැති ආහාර අලෙවි කරන ආයතනය පවත්වාගෙන යන උමේෂ් කන්නා නැමැතිට අයට වෙඩි තබා ඇති බව මෝදර පොලීසිය කියයි.

    ඊයේ රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහු සිය ආහාර අලෙවි ස්ථානය ඉදිරිපිට රැදී සිටියදීය.

    වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ පිස්තෝලයක් බවත් වෙඩි තැබීමට හේතුව පැහැදිලිවම අනාවරණය වී නැති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.