මෑතකදී සම්මත කරගන්නා ලද නව පනතක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට අනුමැතිය දී ඇත.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති බැවින් මේ වන විට එම පනතේ විධිවිධාන ද ක්‍රියාත්මකව පවතී.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබුණි.
එබැවින් ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන යෝජනා එකී පනත් කෙටුම්පතට හඳුන්වා දීමට හැකි වී නොමැති බව රජය පෙන්වා දෙයි.
මේ නිසා අදාළ සංශෝධන, යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමඟ තවදුරටත් සාකච්ඡා කර හඳුනාගනු ලැබ ඇති සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය මෙලෙස තීරණය කර ඇත.
ඒ අනුව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.