fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු මගියෙකුට පහරදීලා

    දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු මගියෙකුට පහරදීලා

    දුම්රිය මගියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු දෙදෙනෙකුව ගම්පහ පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ගම්පහ බුලත්කඩේ හන්දියේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ පහරදී ඇති බව පොලීසිය කියයි.

    එම පුද්ගලයා සතුව වලංගු දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබියදීත් එහි වලංගු භාවය පිළිබද ප්‍රශ්න කරමින් ඇතිවුණු ආරවුලකදී දුම්රිය පරීක්ෂකවරුන් දෙදෙනා පහරදීම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    මෙසේ අත්අඩංගුවට ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු දෙදෙනා ගම්පහ සහ වේයන්ගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.

    Photo – File Photo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.