සනත් ජයසූරිය පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු එක්දින පිටියේ ලබාගත් වැඩිම එක්දින ලකුණු වාර්තාව බිඳ දැමූ පැතුම් නිශ්ශංක අද (09) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 210ක් ලබා ගත්තේය.
පැතුම් නිශ්ශංක බිඳ දැමුවේ මීට වසර 24කට පෙර එනම් 2000 වර්ෂයේ ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය ලබාගත් ලකුණු 189 වාර්තාවයි. පැතුම් මෙම වාර්තාව පසුකර යන අයුරු පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට සජීවීව නැරඹූ සනත් ජයසූරිය අත්පොලසන් දෙමින් පැතුම් නිශ්ශංකට සුබ පැතුම් එක්කරන අයුරු දැක ගත හැකිවිය.
ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 161ක් නොදැවී ලබා ගැනීම, කුමාර් සංගක්කාර ලකුණු 169ක් ලබා ගැනීම, උපුල් තරංග නොදැවී ලකුණු 174ක් ලබා ගැනීම සහ සනත් ජයසූරිය ලකුණු 189ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභීන් ලෙස තැබූ වාර්තා පසුකර ගිය පැතුම් නිශ්ශංක අද (09) දිනයේ මෙසේ නොදැවී ලකුණු 210ක් ලබා ගත්තේය.
පැතුම් ශක්තිමත් කළ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3කට ලකුණු 381ක් ලබාගත්තේය. මෙය කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. එය නොදැවිනි වූයේ කෙන්යා කණ්ඩායමට එරෙහිව 398/5ක්,ඉන්දියා කණ්ඩායමට එරෙහිව 411/8ක් සහ නෙදර්ලන්තයට එරෙහිව 443/9ක් ලබා තිබූ වාර්තා පමණි.
ශ්‍රී ලංකාව 381/3 (පැතුම් 210,අවිශ්ක ප්‍රනාන්දු 88,සධීර සමරවික්‍රම 44)