තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මකරාගේ වසරට ජගත් මහලේකම්ගෙන් චීනයට සුබපැතුම්

    මකරාගේ වසරට ජගත් මහලේකම්ගෙන් චීනයට සුබපැතුම්

     
    චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි. එම පණිවුඩය 06 වැනිදා නිකුත් කෙරිණ.
     
    මකරාගේ වසර නිමිත්තෙන් ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව මහලේකම්වරයා කියාසිටී. චීන මකරා ජීව ශක්තිය, ප්‍රඥාව, ආරක්ෂාව සහ වාසනාව සංකේතවත් කරන අතර, ඒවා වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය මානුෂීය ගුණාංග වන බව ද ඔහු පෙන්වාදෙයි.
     
    චීන චන්ද්‍ර අලුත් අවුරුද්ද මෙවර පළමු වරට එක්සත් ජාතීන්ගේ නිවාඩු දින දර්ශනයට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. බහුපාර්ශ්විකත්වය සහ ගෝලීය සංවර්ධනය සඳහා චීනය ලබාදෙන ස්ථිර සහයෝගය වෙනුවෙන් චීනයට සහ එහි ජනතාවට ගුටරෙස් මහතා කෘතඥතාව පළ කළේ ය. සියලුදෙනා එක්සත්ව ක්‍රියා කළහොත් තිරසර මෙන්ම සාමකාමී අනාගතයක් උදා කර ගත හැකි බව ද මහලේකම්වරයා තම පණිවුඩයේ සඳහන් කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img