රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිටෝ දර්ශක අගය 20 – 25 අගයක් දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එම අගය 10 – 15 දක්වා පහත වැටී ඇති බවයි.
කෙසේවෙතත් කාලගුණයෙහි පවතින ක්ෂණික වෙනස් වීම් හමුවේ බිටෝ ඝණත්වය නැවත ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන මහතා පැවසුවා.
එබැවින් තමන් අවට පරිසරය නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.