පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේදී බාල ඖෂධ තොගයක් ගෙන්වීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට අසනීප තත්ත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරයා මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මන්ත්‍රීවරයා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බන්ධනාගාර රෝහලේ සිට ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ බවට වාර්තා වූයේ අද පස්වරුවේයි.
2370-06_Sසබැඳි පුවත්
කෙහෙළිය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි