fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩයනා කිව්ව කංසා යෝජනාවට කැබිනට්ටුවේදී මොකද වුණේ? (📹)

    ඩයනා කිව්ව කංසා යෝජනාවට කැබිනට්ටුවේදී මොකද වුණේ? (📹)

    කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

    මෙරට තුළ කංසා වගාකොට අපනයනය සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් මණ්ඩලය ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අවසර දුන් බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය මාධ්‍ය වෙත ඊයේ ප්‍රකාශයක් කර තිබුණි.

    අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඩයනා ගමගේ මහත්මිය කලක පටන් මෙරට තුළ කංසා වගාකොට අපනයනය මගින් ඩොලර් ඉපයීමේ හැකියාව පිළිබඳ පවසමින් මෙරට තුළ කංසා වගාව නීතිගත කිරීමේ උත්සහයක නිරත වේ.

    සබැඳි පුවත්
    ඩයනා දිනයි -ඩොලර් ගේන්න කංසා වගාවට කැබිනට්ටුව එකඟයි

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.