fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සඳුදාට රජයේ නිවාඩු නෑ

    සඳුදාට රජයේ නිවාඩු නෑ

    මෙරටට ජාතික නිදහස් දිනයේ සැමරුමෙහි 76 වැනි සැමරුම හෙට දිනට යෙදී තිබුණ ද ලබන සඳුදා (05) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍ර්‍රකාශයට පත් කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

    ඉරිදා දිනයේදී නිදහස් දිනය යෙදී තිබෙන බැවින් ඊට පසු දින වන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් ද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසීම් කළ ද නිවාඩු දිනයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත.

    ඒ අනුව, එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.