පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය සැරසෙයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ ඔහු පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා සජබය නව විශ්වාසභංගය නතර නොකරන බවයි.
අපි පැහැදිලිව දැන හිටිය මේ කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා යන ගමනේ අන්තය බවට පත්වෙන්නේ මෙන්න මේකයි කියලා. අපි එදා ගෙනාපු විශ්වාස භංග යෝජනාව අද ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා.
“අපි පැහැදිලිව දැන හිටියා මේ කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා යන ගමනේ අන්තය බවට පත්වෙන්නේ මෙන්න මේකයි කියලා. අපි එදා ගෙනාපු විශ්වාස භංග යෝජනාව අද ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා.
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වර්තමානයේ කැබිනට් ඇමතිවරයෙක්. පරිසර කැබිනට් ඇමතිවරයා. ඔබ දන්නවා මේ රටේ සෞඛ්‍ය වගේම පරිසරය කියන්නෙත් අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය මූලාශ්‍රයක්. මේ රටේ සතා සිවුපාවා ගස් කොළ තිබිය යුතුයි ජීවීන්ට මනුෂ්‍යයාට ජීවත් වෙන්න. මේ රටේ තියෙන ගස්කොළ ටික කපලා දාලා වනාන්තර ටික විනාශ කරලා දිය උල්පත් ටික විනාශ කරලා දැම්මොත් අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්නෙ නෑ. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ලට තවදුරටත් මේ රටේ ධනය සම්පත් ඒ වගේම බදු ගෙවන්නන්ගේ බදු මුදලින් යැපෙන්න ඉඩ තියන්න බෑ.
චෝදනා පත්‍රය කියවනකොටම තේරෙනවා ඔහු තවදුරටත් ඇමතිවරයෙක් වශයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා එතුමාට විරුද්ධව අනිවාර්යෙන්ම සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය හැටියට අපි විශ්වාස භංග යෝජනාවක් ගේනවා.” යැයි ද කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
බාල ඖෂධ එන්නත් තොගයක් ආනයනය කිරීමේ සිද්ධියකට චෝදනා ලැබූ අමාත්‍යවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
ඉහත කියූ බාල ඖෂධ සිද්ධිය වනවිට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මීට පෙර ද විශ්වාසභංගය යෝජනාවක් සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
ඒ සෞඛ්‍ය ක්ෂේත්රයේ කඩාවැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවටත් ඒ දිනවල දිවයිනේ විවිධ රෝහල්වලදී ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සිදු වූ පුද්ගලයන් කිහිප දෙනකුගේ හදිසි මරණ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා වෙත චෝදනා කරමිනි.
නමුත් එම විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි.
කෙසේවෙතත් විශ්වාසභංගය පරාජය වී සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් රැඳී සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඉන් මාසයකට පමණ පසුව සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වී පරිසර අමාත්‍ය ධුරය පිරිනැමිණ.