ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උත්තර කන්නඩ දිස්ත්‍රික්කයෙන් පසුගිය දින 15 තුළ වඳුරු උණ (Monkey Fever) රෝගීන් 31ක් වාර්තා වී ඇති බව එහි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
එරට වාර්තා පෙන්වා දෙන්නේ ආසාදිතයින් අතරින් රෝගීන් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර සෙසු පිරිස නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඔවුන් සියල්ලන්ම ස්ථාවර මට්ටමක සිටින අතර, මේ දක්වා බරපතල රෝගාබාධ කිසිවක් වාර්තා වී නොමැති බව ඔවුහු පවසති. බොහෝ සිද්ධීන් වාර්තා වී ඇත්තේ සිද්දපූර් තාලුක් ප්‍රදේශයෙනි.
වඳුරු උණ රෝග ලක්ෂණ සහිත රෝගියකු පළමු වරට වාර්තා වී තිබුණේ ජනවාරි 16 වන දින බව ඉන්දීය වාර්තාවල දැක්වේ.
සාමාන්‍යයෙන් වඳුරන්ගේ සිරුරේ ජීවත් වන කිනිතුල්ලන් මිනිසාට දෂ්ට කිරීම හේතුවෙන් වඳුරු උණ පැතිරෙන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
මෙම කිනිතුල්ලන් මිනිසුන්ට දෂ්ට කරන අතර එමගින් ආසාදනය ඇති කරයි. එම කිනිතුල්ලන් දෂ්ට කළ ගවයන් සමඟ ස්පර්ශ වීමෙන් ද මිනිසුන්ට ද රෝගය වැළඳේ.
වනාන්තර ප්‍රදේශයේ සහ ඒ අවට ජීවත්වන අයට මෙම රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බැවින් වඩාත් ප්‍රවේශම් විය යුතු බවද ඔවුහු පවසති.